දුම්රියේ සිට ලියමි.
පෙරදා රාත්‍රියේ සංගිතය සහ පරිඝනක ක්‍රීඩා කිරීම හේතුවෙන්, එක මොහොතක් වත් මා දෙනෙත පියවුනේ නැත. ඒ කාරනය හේතුකොටගෙනා මාගේ දෙනෙත් පියවෙන්නට හිතුවක්කාරකම් කරන්නේ පෙරදා එයට නොලැබුනු සුවය සොයමිනි. මා ටික වෙලාවක් යනතුරු ඒ හිතුවක්කාරකමට ඉඩ නොදුන්නේ, මා ලැප්ටොප් පරිඝනකය දැමු බෑගය දුම්රියේ, රැක් එකෙහි මා ස්ථානගත කර තිබූ හෙයිනි. මා එය ගැන අවධානයෙන් සිටිය යුතුව තිබුනි. එහෙත්, එක් මොහොතක මට ඒ හිතුවක්කරකම ඉදිරියේ පරාජය වන්නට සිදුවුනි. එනමුදි මාගේ දැස් ඇරෙන සෑම මොහොතකම මාගේ අවදානය ඒ බෑගය කරා යොමුවිය. ඒ අයුරින් ගමනේ වැඩි කාලයක් නින්දට සමීප වීමට මට හැකිවිය. දුම්රිය ගමනා ගමනය සදහා යොදාගැනීම ශරීරයට මෙන්ම සාක්කුවට ද වාසිදායක විය. පාරේ බස් එකේ පිටකොටුවේ සිට ගාල්ලට රු.150/= ක් වූ අතර, දුම්රියේ ටිකට් එක රු.100/= ක් පමනි. ගෙදර යා යුතුයැයි තීරනය මා අද උදයේ පහට පමන තීරනය කලෙමි. මරදානෙන් 8.10ට දුම්රිය අල්ලාගැනීමට පැමිනියත් වාහන තදබදය නිසා සුනංගු වීම හෙතුවෙන්, කොටුවෙන් දුම්රියට ගොඩ වීමි.
මම නිතර ගෙදර ගියේ නැත. Homesick කියන රෝගය මා හට නොමැති වීම ඊට හේතුව විය හැක. ඉදලා හිටලා හේතුවක් ගෙදර ගිය මා, ඒ අවස්ථා බොහෝමයකදී ම මගේ සහෝදරයා නිවාඩු පැමිනීම හේතුවෙන් ගෙදර ගියෙමි. නිතර ගෙදර යා යුතු යයි ආකල්පයක් මා තුල නොතිබුනි. Uniයේ වැඩ වලට හිරවුනු පසු කොහොමත් ඒ සදහා මට අවසර ලැබෙන්නේ නැත. ගාල්ල කඩුවෙල යා කරමින් අධිවේගී මර්ගයක් තිබූ බව සැබෑය. එහෙත් අප වැනි පුද්ගලයින් සදහා, එහි පහසුවට පුරුදු වීම එතරම් සාක්කුවට සුබදායී නොවුනි. ජිවිතයේ බොහෝ සැප පහසුකම් ලැබුනු අවස්ථාවලද, එම සැප පහසුකම් ලැබීමට මා සුදුස්සෙකුදැයි සිතේ ඇතිවුන සැකයන් නිසා ඒවා අතහැරපු අවස්ථා මා හට ඇත. එය දැන් පුරුද්දක් බවට පත්වී හමාරය. 'පහසුව' මා ලැබීමට සුදුස්සෙක් නොවේ නම්, මා දුක වැලඳගත යුතුය. ඒ සමග සටන් කිරීම මගේ වගකීමකි. වෙන කෙනෙකුට බරක් වී සැප ලැබීමට මට අයිතියක් නැත. මා මනසේ ඇදී ඇති මෙවන් රූප, අධිවේගී මාර්ගය මගහැරීමට හේතුවන්නට ඇතයි මා සිතමි. එය මා භාවිතා කලේ ඉතා අත්‍යවෂ්‍යම කරුනකදී පමණි. එපමනක් නොව, දුම්රිය භාවිතයෙන්ද නිතර ගෙදර යෑම මම පුරුද්දක් කර නොගත්තෙමි. එයට හේතුව, එයට ගතවන කාලය සහ මුදලයි.
දුම්රිය ගමන සදහා අද වෙනදාට වඩා වැඩි වෙලාවක් ගතවිය. පසුවන හැම Station එකක් පාසාම, ගමනේ ගමනාන්තයට ලාගාවීමේ සියුම් සතුටක් සිතේ ලැගුම් ගනී. අඩි 20යි 20, බෝඩිම් කාමරයක සිරවී සිට, ඕනෑම පිස්සුවක් කෙලින්න තරම් ඉඩ තියෙන තැනකට යන සතුට උද්‍යෝගය වැඩි කරයි. මේ සතුට මා ලබන්නේ කලාතුරකිනි. එම නිසා මා හට එහි වටිනාකම වැඩිය. ගමනාන්තය කරා ලංවනවාත් සමගම, මා පාසල් යන කාලයේ ගැවසුනු තැන්, ගිය පන්ති, වල බැස්ස ස්ථාන මා නෙත ගැටෙන්නට විය. තව දුරටත් ආසනයේ රැදී සිටිම මට අපහසු විය. මා අතේ තිබූ ගිටාරය පැත්තකට හේත්තුකොට ෆුට්බෝඩ් එක කරා මා පියමැන්නේ, ආවර්ජනය වන පැරනි මතක වලට තව ශක්තියක් දීමේ අරමුනෙනි. රේල් පාර දෙපැත්තේ, ලව් ලේන් එකේ, කුනු ඇල පාරේ, ඇවිදන් යන පොඩි කොල්ලො කෙල්ලො දකිනකොට මොහොතකින් ඒ කාලෙට යනවා. ඒ කාලේ මේ අය වගේම රස්තේ ගහපු හැටි මතක් වෙනවා. මේ පාරවල් වල කොච්චර නම් කිසිම හේතුවක් නැතුව ඒ දවස් වල ඇවිදින්නට ඇද්ද. මේ රේල් පාරවල් උඩ කොච්චර නම් වල බහින්න ඇතිද.
නිදහස් අධ්‍යාපනයේ පහසුකම් බුක්ති විදපු ඒ කාලේ, ජීවිතේ ගැන හුගක් සැහැල්ලුවෙන් හිතන්න අවසර තිබුනා. ඒත් ඒ කෙලපූ පිස්සු, දැන් කෙලින්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. පොඩි එවුන් වගේ හැමදාටම ඉන්න බෑ.
ඒ මතකයන් අතරේ මම අතරමං වෙනකොට කෝච්චිය Platform එකටත් ගහනවා. ජීවිතේ ගෙවිලා යනවා. නවත්වන්න බෑ. අන්තිමට ඉතුරු වෙන්න මතකයන් ටිකක් විතරයි.
මම බෑග් එකයි ගිටාර් එකයි අරගෙන කෝච්චියෙන් බැහැලා ගෙදර යන්න පිටත් උනා.
සිතුවිල්ලක ගැඹුර
වචන වලට නොහැරුනු සිතුවිලි සමුදායක්,
අකුරුත් සමග කරන සංවාදය !!
Thursday, October 23, 2014
Wednesday, October 22, 2014
විභාගය දවස්
යුනියේ තුන්වන අධ්‍යන වර්ෂයේ අවසානයටත් ඇවිත්. මේ දවස් වල Final Exams. අනිත් කැම්පස් වල වගේම අපෙත් මේ දවස් වලට තමා කැම්පස් එකේ කට්ටිය වැඩිපුරම වැඩකරන හැටි බලාගන්න පුලුවන්. කිසිම භේදයක් නැතුව 1 වසරේ ඉදන් 4 වසරට යනකන් මල්ලිලා නංගිලා, අක්කලා අය්යලා අම්බානෙට වැඩ. සමහර Subjects අවුල් ගිය පරන සීනියර් අයියලා අක්කලවත් මේ කාලෙට දකින්න කතාකරන්න පුලුවන්. හැම තැනම කුප්පි දානවා. සමහර උන් යන්තන් ගොඩයන්න වැඩ කරනවා. සමහරු වැඩ පෙන්නන්න වැඩකරනවා. කොහොම උනත් Exams කාලෙට හැම එකාටම තියෙන්නේ එකම අරමුනයි. ඒ Repeat එකක් ගහගන්නේ නැතුව Subjects ටික ගොඩදාගන්න එක.
කුප්පි වලත් එක එක මට්ටම් තියෙනවා ඉතින්. එකෙක්ට හරි කිහිප දෙනෙක්ට හරි දාන කුප්පිය Normal කුප්පිය. Batch රෙෆා ලා එහෙම මූලිකත්වය අරගෙන Hall එකක් එහෙම Book කරලා Full Publicity එකක් දීලා ලොකු සෙටාර් එකකට දාන කුප්පිය මෙගා කුප්පිය. මේ අතරේ සිද්ද වෙන හොර කුප්පිත් නැතුවම නෙවෙයි. මේ අතරේ පුලුවන් පුලුවන් එවුන් Past Papers වලට උත්තර ලියලා Facebook Group වලට Upload කරලා එහෙමත් අනිත් උන්ට ගොඩයන්න පුල් සප් එක දෙනවා. ඒකට තමා කියන්නේ Batch Fit එක කියලා.
කැම්පස් එකක් ගත්තහම එක එක හිදිහේ මිනිස්සු ඉන්නවා. මම ගිය අවුරුද්දේ මාතර බෝඩිං වෙලා ඉන්නකොට ඒ බෝඩිමේම හිටියා සීමාවාසී ගුරුවරු ඩබලක්. එකෙක් කොමඩියා, අනිකා මෝටියා. ඒ කාඩ් උන්ට පීඨේ ඉන්න කාලෙදිම වැටිච්ච ඒවා. මෝටියා එක දවසක් කිව්වා, "මචං, මිනිස්සු අදුරගන්න නම් විද්‍යා පිඨේ යන්න ඕන" කියලා. උඹලා බලයි මොන හරුපයක් ද ඒ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ, විද්‍යා පිඨේ කියන්නේ සමාජේ ඉන්න එක එක මට්ටම් වල එක එක සිතුම් පැතුම් තියෙන එවුන් සෙට්වෙන තැනක් නේ. ඕනම කැම්පස් එකක් එහෙමයි. මිනිස්සු ගත්තහම, එක එක විදියයි කියලා නොදන්න එකෙක් නෑනේ. අන්න ඒ විදිහේ මිනිස්සු ගොඩකට එකට වැටිලා ආශ්‍රය කරන්න සෙට් වෙන තැනක් තමයි කැම්පස් එකක් කියන්නේ. මේ එක එක විදිහේ මිනිස්සු කොයි වගේ උනත්, මට තක්කෙට එක දෙයක් උන් ගැන කියන්න පුලුවන්. මොකා උනත් මේ හැම එකාම විභාග වලට බයයි. 1st Year උන්ගේ මේ බය ටිකක් අඩුයි, උන්ට තේරුමක් නැති නිසා මුලදි. ඒත් උනුත් Semester එකක් ඉවර වෙනකොටම ටොපියේ රස දැනගන්නවා.
4th Year අන්තිම Semester එකේ උන්ගේ මේ බය උපරිමයි. Repeat ගහගෙන ඉන්න උන්ටත් අන්තිම කාලේ ලං වෙනකොට තමා හොදටම තදවෙන්නේ. Batch එකේ අනිත් ඔක්කොටම Convocation තියෙනකොට පැත්තකට වෙලා Convocation එක බලලා එන්න යන එක ලේසි Feeling එකක් නෙවෙයි කියලා, මේකේ තෙම්පරාදු වෙච්ච එවුන් හොදටම දන්නවා. Repeat හින්දා Degree එක පරක්කු වෙච්ච සීනියර් අයියලා, අක්කලා එක්ක එහෙම කතා කරහම උන්ගේ Feeling එක බොක්ක කුඩුවෙන්න වදිනවා.
Batch Top වෙන්න වැඩ කරන එකත්, පොරත්වයෙන් Run කරං ඉන්න එකත්, වල බහින එකත්, කොයි අයියත් විභාග වලට බයයි. ඒක තමා කාගෙන් හරි කුප්පියක් දාගෙන හරි ගොඩයන්න හදන්නේ. ඉතින් ඕක හින්දා මුලු කැම්පස් එකම, එක අරමුනක් වෙනුවෙන් වැඩ කරනවා. සිරාවට කොරිඩෝ දිගේ ඇවිදන් යනකොට කොල්ලො කෙල්ලො , පඩිපෙලවල් වල වාඩි වෙලා, බිම වාඩි වෙලා, ප්ල්ග් තියෙන තැන්වල ලැප්ටොප් ගහගෙන වැඩ කරනවා. සිරාවට දකින්න ආසයි. විභාගේ කියන එක තඹ සතේකට ගනන් ගන්නේ නැති එවුන් ඇගිලි ගානටත් වඩා අඩුයි. එහෙම එකෙක් ඉන්නේ කලාතුරකින් තමයි.
විභාගේ තියෙන ඉවර වෙන Subjects එකක් ගානේ, ලියපු එවුන් ලබන්නේ පට්ටම සතුටක්. මචන් තව එකක් ඉවරයි, තව 4යි. මචං, තව තුනයි ගොඩ දාගන්න තියෙන්නේ. මචං හෙට අනිතිම එක, ඒකෙන් පස්සේ අපි නිදහස්. මේ නිදහස කියන්නේ මොකක්ද කියලා, දෙපාරක් කල්පනා කරහම හිනා යනවා සිරාවට. ජීවිතේ කියන්නේ වගකීම් ගෝනියක්. Subject එකක් ලිව්වා කියලා ඒ වගකීම් වලින් නිදහස් වෙන්න බෑ. අනේ ඔය මොන බයිලා උනත්, Subject එක ගොඩ දාලා කොල්ලො පට්ටම සතුටක් ලබනවා. විභාගේ සතපහකට ගනන් ගන්නේ නැති, විභාගෙට බය නැති එකා ගෙවන්නේ කරුමයක් ද කියලත් හිතෙනවා වෙලාවකට. උට ඒ සතුට ලබන්න පින නෑ. මේ සතුට නිසාම තමා අන්තිම දවසෙ කොල්ලෝ වැටෙන්නම බොන්නේ, විභාගේ දවස් ටිකේ අල්ලගෙන හිටපු ඒවටත් එක්ක ඇරියස් ගන්න. කෙල්ලො ඉතින් ගිහින් Films, TV Series බලනවා. අපේ බෝඩිමේ නම් පොඩි සංගීතයක් ගිහින් තමයි මේ සැරේ විභාගේ අවසානය සෙට් උනේ. චාචා(Batch එකේ එකෙක්) උගේ ගිටාර් එකත් අරන් අපේ බෝඩිමට ආවා. හෙලයා(රූමා) ගේ Keyboard එකත් තිවුන නිසා, සිංදු කෑලි ටිකක් පත්තු කලා. බොන්නෙත් නැති නිසා, ඒක තමා අපේ ආතල් එක.
ඔන්න ඔහොම තමයි, අවුරුදේ මේ කාලේ ගෙවිලා යන්නේ. අපේ Uniයටනම් මේ කාලය අවුරුද්දට දෙපාරක් එනවා. සමහර කැම්පස් වල එකපාරයි.

Sunday, October 12, 2014
බෝඩිමකට මාරු වුනෙමි - මාතර
වෙලාව හවස හතර පසුවී විනාඩි හතලිස් පහක පමන කාලයක් ගතවී තිබුන අතර, මා බාප්පා වැඩ කරන කන්තෝරුවේ පුටුවක වාඩී වී සිටි මට, එක්තරා රිද්මයකට කරකැවෙන සීලිමේ සවිකරන ලද විදුලි පංකාවේ ශබ්දය හැර අන් කිසිවක් නො ඇසුනි. වරින් වර කාර්යාලයේ වැඩ වලට අදාල දෙබස් හුවමාරු වුවද, ඒ වචන මා අවදානය ගැනීමට සමත් නොවූයේ, ඒ විෂය පිලිබඳ දැනුමක් මා සතුව නොතිබුනු නිසා විය යුතුය. මෙම දිනයේම උදේ වරුවේ යම් කිසි කටයුත්තක් සදහා මාතර දක්වා ගමන් කිරිමට සුදුවීමත්, හවස පහ වීමට පෙර නැවත පැමින, මා බාප්පා වැඩකරන කන්තොරුවේ පෙනී සිටිමට සිදුවීමත් නිසා, ඇඟේ යම් කිසි තෙහෙට්ටු ගතියක් තිබුනද එය සැලකිය යුතු තරම් එකක් නොවීය. එක් වරම කන්තොරුවේ ඉදිරිපස දොරෙන් ඇතුලට පැමිනි පුද්ගලයෙකු, "හරි දැන් යං" යයි මට පැවසුවේ, මා මෙතෙක් වෙලා යන්නට සුදානම් වී සිටි ගමන ඇරඹීමට කාලය පැමින ඇති බව මට හගවමිනි. ඒ පුදගලයාගේ නම හෝ වෙනත් විස්තරයක් මා නොදැන සිටියත්, ඔහුත් සමග මා යා යුතු බව මම දැන සිටියෙමි. කන්තොරුව පිහිටි ස්ථානයේ සිට ඔහුගේ කාර් රථය නවතා තිබූ ස්ථානයට මීටර් දෙසීයක පමන දුරක් තිබුනු බැවින් ඇවිදන් යන මග ඔහු, ඔහුගේ හඩ අවදි කලේය. ඔහු සංවාදයකදී ඔහුගේ භාෂාව හසුරන ආකාරය මා දකින දෙවන අවස්ථාව මෙයයි. පෙර මා කන්තොරුවේ වාඩි වී සිටින අවස්ථාවේ කවුරුන් හෝ සමග දුරකථන සංවාදයක යෙදුනු ඔහුගේ කතාකරන විලාශය අධ්‍යනය කර, යම් යම් නිගමන වලට මා එලඹී තිබුනත්, ඉතා නම්‍යශීලී හා මොලොක් කතා හරඹයකට මුහුන දුන් මා, පෙර දුන් අර්ථ කථනයන් යාවත්කාලීන කර ගත්තේ මනා කැමත්තෙනි. තවමත් නම නොදන්නා එම පුද්ගලයා සමග සාකච්චා කිරීමේදීත් තර්ක කිරීමේදීත්, ඔහුගේ උගත් බව සහ නිහතමානී බව මනාව පිලිඹිඹු වුනු අතර, එවැනි පුද්ගලයෙකු සමග කතා කිරීමේදී මට මහත් සතුටක් ගෙන දුන්නේ, තමන්ගේ මතය ගැන පමනක් සිතන, වෙනත් කෙනෙකුට ඇහුම්කම් දීමට අකමැති පුද්ගලයින් සිටින අද සමාජයේ, එවැනි පුද්ගලයින් දුර්ලභ හා අගය කල යුතු බැවිනි.
පාරේ වාහන වල සහ පාරේ දෙපස විදුලි බුබුලු දැල්වෙමින් සවස් යාමයට සමු දී රාත්‍රියට ආරධනා කරන ඒ හයේ කනිසමට දෙවට හංදිය පසු කරමින් මාතර දක්වා පැයක ගමන අරඹන විට, මා සිත වෙලාගෙන තිබුනු අවිනිශ්චිත බවට හේතුව වූයේ, මේ ගමන අවසානයේ මාතරට ලගා වූ පසු මා මුහුන දෙන සිද්දි සමුදායත් සහ එය මා බාරගන්න ආකරයත්ය. සිතූ තරම් ඒ සිද්දි සමුදාය, ආගන්තුක නොවන බැවු මට මා ගමනාන්තයට ලගාවූ පසු වැටහුනි. සියල්ල ඉතා සැහැල්ලුවෙන් සිදුවුනි. මගේ ඇදුම් මළු සමූහය සහ මා, ගමනාන්තය දක්වා හැරලීම සම්බන්දයෙන් මම එම පුද්ගලයාට බෙහෙවින් ස්තූතියිවන්ත වුනු අතර, එම ස්ථානයේ පෙර සිට නැවතී සිටි, සීනියර් බැච් එකේ වැඩිමහල් සහෝදරයෙකුගේ පෙර ගමනින්, මා බොඩීම් දිවියට පිවිසුනෙමි. එම සහෝදරයාගේ පැවැත්ම මට බෙහෙවින් ශක්තියක් වුනේ යැයි මම පැවසුවොත් එය කිසි සේත් වැරදි නැත. පසුගිය වසර පුරාවට ඔහු සහ ඔහුගේම බැච් එකේ තවත් සහෝදරවරු හතර දෙනෙක් මෙම ස්ථානය නිවස බවට පත්කරගෙන තිබුනු අතර, මේ කාලය ඔවුන් බෝඩිම අතහැර ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා කොළඹ කරා යෑමට කටයුතු සූදානම් වී තිබුනි. මා බොඩිමට එන විට සිටි එම සහෝදරයාද සිටියේ, සතියක කාලයක් ඇතුලත නිවෙස කරා යෑමට සූදානමිනි. ඕනෑම දෙයක ප්‍රවීනයෙක් විමට පෙර එය අලුතෙන්ම ඉගෙන ගතයුතු මූලික, පලමු අවස්ථාවක් ඇත. එලෙසම මෙම ස්ථානයට හැඩ ගැසීමට අවශ්‍ය මූලික අඩිතාලම ට අදාල උපදෙස් මා පෙර සදහන් කල වැඩිමහල් සොහොයුරාගෙන් මට නොඅඩුව ලැබුනි.
සීනියර් බැච් එකේ සොහොයුරන්ගේ නිර්දේෂ මත පදනම් ව තෝරාගැනුනු මේ බොඩිම ගැන ඔවුන් කියූ කතා බොරු නොවන බව මට මට එහි නැවති පලමු සහ දෙවන දින දෙක තුලදීම වැටහුනි. කරුනාවන්ත හදවත් ඇති එම නිවස අයිති මහත්මයා සහ ඔහුගේ බිරිද කිසිසේත්ම මුදල් පසුපස හඹායන පුද්ගලයන් නොවූහ. එහි ලැබුනු පහසුකම් හා කෑම ගැන සැලකීමේන් එය පැකිලීමකින් තොරව සනාථ කරගත හැක.එවැනි පුද්ගලයන් බෝඩිම් නිවාසයේ හිමිකරුවන් වීම මහත් භාග්‍යයකි.
මම තෝරාගත් කාමරයේ ඇදන් දෙකක්, මේසයක් සහ පරන යකඩ ලාච්චු ලෝකරයක් ද කාමරය සදහා වෙනම නාන කාමරයක් ද සමන්විත විය. ඇදන් දෙකක් තිබුනද එම කාමරය සාමන්යයෙන් භාවිත කර තිබුනේ තනි පුද්ගලයෙකු විසිනි. ඊලග වසර පුරාවට එම තනි පුද්ගලයා මම වැනි හැගීමක් මා මනස තුල දොලනය වෙමින් තිබුනි. ඇදන් දෙකෙන් වඩා සුදුසු ඇද සීනියර් සොහොයුරාගේ අත්දැකීම් ඇසුරෙන් මා අසා දැනගත් අතර එය මා නිදාගැනීමට තෝරා ගතිමි. එක් පුද්ගල ඇදක් වූ එයට දෙපුත්ගල ඇදක කොහු මෙට්ටයක් දැමීම නිසා මෙට්ටයේ වැඩිපුර කොටස ඇදෙහි පැත්තෙන් එල්ලෙමින් තිබුනි. අනිත් ඇදෙහි කුෂන් මෙට්ටයක් තුබුනද, එය ඉතා තුනී එකක් විය. එම ඇද කපා හැරීමට ප්‍රදාන හේතුව එයයි. තිබුනු යකඩ ලාච්චු ඇති ලෝකරය යම් පමනින් මළ බැඳුන යම් තාක් පරන එකක් විය. එය ඇදුම් දැමීමට බාවිතා කිරීම නම් ඉතා අනුවණ ක්‍රියාවකි. එහෙත් පොත් වැනි දෙයක් සදහා නම් එයින් බලපෑමක් නොවන බැව් සීනියර් අයියාගේ මතය විය. නාන කාමරයද සුපිරිම ගනයේ එකක් නොවූවද සමහර තැන් වල ඇති ඒවාත් එකක් සසදන විට, හොද තත්ත්වයේ එකකි.
උඩුමහලේ පිහිටි මෙම බොඩිම් නිවාසය කොරිඩොවක දෙපස කාමර පිහිටන ආකාරයෙන් පිහිටා තිබුනි. මම තෝරාගත් කාමරය සහ සීනියර් අයියා සිටින කාමරය හැරුනු විට, තවත් නිදාගැනීමට හැකි කාමර දෙකක් මෙහි තිබුනි. ඒ දෙකටම වෙන වෙනම නාන කාමරද එකකට කුඩා කුස්සියද තිබුනි. එම කාමර වල කවුරුත් වාසය නොකල නිසා, ඒවායේ සම්පත් ද අපි පරිහරනය කලෙමු. තව ටික දවසකින් සීනියර් අයියා බෝඩිම හැර ගිය පසු, මේ මුලු උඩුමහලම මගේ හුදකලා රාජධානියක් බවට පත්වනු ඇත.
බෝඩිම් දිවිය අරඹා එහි ඇති වෙනස් බව මට දැනුනු මුල්ම අවස්ථාව මම මතක් කිරීමට කැමැත්තෙමි. නව නවාතැනට පැමින දින දෙකකට පමන පසු මම සහ තවත් මිතුරන් දෙදෙනෙකුට එක්තරා නිවෙසෙක යම් වැඩක් සදහා උදේ සිට හවස් වන තුරු රැදී සිටීමට සිදුවිය. දවල් එකට පමන, ආ කර්තව්‍යය අවසන් වූ පසු එක මිතුරෙකු නැවත කැම්පස් එක කරා ගියේ, පෙර පොරොන්දු වූ කුප්පියක් කිරීමට පරක්කු විය නොහැකි බව පවසමිනි. මම අනිත් මිතුරාත් සමග සවස පහට පමන හක්මන පාර දක්වා පයින් පැමින බස් රථයකට නැග මාතර ස්ටෑන්ඩ් එකට ටිකට් ගතිමි. සාමන්‍යයෙන් බස් රථයකට ගොඩ වූ පසු අපේ දෙනෙත් අප හදුනන කෙනෙක් සිටින්නේ දැයි උනන්දුවීම සුලබ කරුනකි. එහෙත් එය මම මගේ හැසිරීම් රටාවෙන් නොදුටිමි. බසයේ ගමනාන්තය දැන සිටියද, මනස තුල තුබුනේ ඒ ගැන ප්‍රශ්නාර්ථයක් හා කුතුහලයකි. මාතර ස්ටෑන්ඩ් එක වටා වටයක් කරකවා බසය නවත්වන නැවතුම් ස්ථානයට ලගා වුනි. බසයේ පසුපස මුහුද දෙසට එන ලෙසට බසය නැවැත්වූ අතර කිසිම කලබලයකින් තොරව මා බසයෙන් පිටතට පැමිනියෙමි. මාතර බස් නැවතුම් පොලෙහි සැකැස්ම හෝ එහි පිහිටි ස්වාභාවය පිලිබද ඉතා අල්ප දැනුමක් ඇති මා, සිටිනා ස්ථානය පිලිබද අවබෝධයක් ලගා ගැනීමේ අරමුනින් වැඩි දුරක් පෙනෙන සේ නැවතී සිටියෙමි. මා හට දැනුනේ අපූර්ව හැගීමකි. මා පමනක් නැවතී මුලු ලෝකයම දෙස බලා සිටින විට, අනිත් සියලු දෙනා ක්‍රියාකාරීව ගමන් කරනු දුටිමි. එය එක්තරා අකාරයක හිස්, එහෙත බොහෝ නිදහස් සිතුවිල්ලකි. මා ඊලඟට ගතයුතු තීරනයේ හිමිකරුවා මා පමණක්ම විය. සෙමින් සෙමින් පාද චලනය කලා මා දිගටම එම සිතුවිල්ලෙහිම රැදුනි. ශූන්‍ය කලබලයකින් බස් නැවතුම්පලින් පිටතට පැමිනි මම සනත් ජයසූරිය ක්‍රීඩාංගන අසලින් සෙමින් ඉදිරියට ඇදෙන විට, පෙර කවදාවත් නොදැනුනු නිදහස් බවක් මා හද ස්පර්ශ කලේය. කොටුවට ඇතුල් වී බෝඩිම දක්වා පයින් එනතුරුම ඒ නිදහස් බවේ සිතුවිල්ලෙන් මට මිදීමට නොහැකි විය.....

Originally posted on Elakiri.com on 12-13-2012, 11:03 PM

Subscribe to:
Posts (Atom)